'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන දෙවැනි එලිසබත් මහ රැජිනගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.
95 හැවිරිදි මහ රැජිනගේ උගුරේ ආසාදන තතත්වය තවමත් යම්තාක් දුරකට පවතින බැවින් ඇය තව දින කීපයක් විවේකීයව පසුවන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.
එලිසබත් මහ රැජින පළමු සහ දෙවැනි එන්නත් පමණක් නොව, බූස්ටර් එන්නත් මාත්‍රාව ද ලබා ගත් තැනැත්තියකි.
(ඩේලිමේල්)