අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රුජිනගේ රුව, බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු, පවුමේ කාසි සහ මුද්දරවලින් ඉවත් කෙරෙන බවත්, ඒ වෙනුවට තෙවැනි චාල්ස් රජුගේ රුව ඒවාට ඇතුළත් කෙරන බවත් එංගලන්ත මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එංගලන්ත මහ බැංකුව වැඩි දුරටත් පවසා ඇත්තේ ඉවත් කෙරෙන බැංකු නෝට්ටු ප්‍රමාණය මිලියන 4.7 ක් බවත් ඒවායේ වටිනාකම පවුම් බිලියන 82 ක් බවත්ය.
මේ වනවිටත් පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්යාලවලින් කඩිනමින් එකතු කර ගැනීම ආරම්භ කර ඇති බවත්, ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නො හැරෙනු ඇති බවත් මහ බැංකුව පැහැදිලි කර තිබේ.
ඒ වෙනුවට, නව රජු වන තෙවැනි චාල්ස් කුමරුන්ගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීමේ කටයුතු සියල්ල ආරම්භ වී ඇතැයි ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)