දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා ලබා දුන් කාලය ලන්ඩන් වේලාවෙන් උදේ 6.30 ට අවසන් විය. දින ගණනාවක් පෝලිමේ රැඳී සිටිමින් මහ රැජිනට අවසන් ගෞරව දැක්වූ ගණන ලක්ෂ 4 ට වැඩිය.
පැය ගණනක් පෝලිමේ සිට රැජිනට අවසන් ගෞරව දැක්වූ අවසන් තැනැත්තා බවට පත් වූයේ රාජකීය ගුවන් හමුදා නිලධාරිනියක ලෙස ද කටයුතු කළ ක්‍රිස්ටිනා හීරේයි නැමැත්තියයි.
රැජිනට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ක්‍රිස්ටිනා හීරේයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, රැජිනට අවසන් ගෞරව දැක්වූ අවසන් පුද්ගලයා වීමට තමන්ට හැකිවීම ඓතිහාසික බවය.
(ඩේලිමේල්)