එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය.
දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය මහජන ගෞරවයට තබා ඇත්තේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේය. දේහයට ගෞරව දැක්වීමට පැමිණෙන පිරිස් හේතුවෙන් කිලෝ මීටර් ගණනක් දුරට පෝලිම් දකින්න ලැබේ. දස දහස් ගණනක් අව්ව වැස්ස නොතකා පෝලිම්වල සිටින බව වාර්තා වේ.
එලිසබත් මහ රැජිනට ගෞරව දැක්වීමේ දී 47 හැවිරිදි සුපිරි පා පන්දු තරුව සංවේදී වූ බව ද පැවැසෙයි. 'එතුමට මා ආදරෙයි. ඒක ඇත්තට සංවේදී අවස්ථාවක්' යැයි වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටවෙද්දී බෙකම් මාධ්‍ය හමුවේ පැවැසීය.
(රොයිටර්)