රුසියන් ඇමෙරිකන් ගගනගාමීහු උඩුගුවනට


යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකන් රජය සහ රුසියන් රජය අතරේ අර්බුදයක් පැවැතියත්, එය බාධාවක් කර නොගෙන, ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සහ රුසියාවේ ‘රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය එක් වී, ගගනගාමීන් තිදෙනකු පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට පිටත් කර යැවීය.

මෙසේ උඩු ගුවන බලා ගියේ රුසියන් ගගනගාමීන් දෙදෙනකු සහ ඇමෙරිකන් ගගනගාමියෙකි. ඇමෙරිකන් ගගනගාමියා කාන්තාවකි ඇය ලොරෙල් ඕ හාරා ය. රුසියන් ගගනගානමී් දෙදෙනා ඔලෙග් කොනොනෙන්කෝ සහ නිකොලායි චුබිය.

රුසියාවේ ‘සෝයූස් එම්.එස්. 24’ රොකට්ටුවේ ආධාරයෙන්, කසක්ස්තානයේ බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගගනගාමීහු තිදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියහ.

පැය තුනක ගමනකින් පසු ‘සෝයූස් එම්.එස්. 24’ රොකට්ටුවට අයත් ගගනගානමීන් තිදෙනා රැගත් ගගන කැප්සියුලය, අභ්‍යවකාශ නැවැතුම්පොළ සමඟ සම්බන්ධ විය.