බ්‍රිතාන්‍යයේ සිටි රුසියන් ඔත්තුකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි. රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීම් කළ මෙම තිදෙනා, බර්ගේරියානු ජාතිකයන් බව ද පැවැසෙයි.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ නිල රහස් පනත යටතේ බවත්, ඔවුන් පසුගිය පෙබරවාරියේ සිට ලන්ඩන් නුවර මෙට්‍රෝපොලිටන් පොලිස් අත්අඩංගුවේ සිටින බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.