චීනයේ මැදිහත් ‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීනයේ බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. රටවල් 30 ක රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගී වන අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඒ අතර වෙයි.
චීනයේ මැදිහත් වීමෙන් ආරම්භ කළ සහ ආරම්භ වීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වෙයි. සමුළුවේදී පවා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ හටගත් අර්බුදය සාකච්ඡාවට ලක් විය.
යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියන් ජනාධිපති පුටින්ට චෝදනා කර තිබේ.
පුටින් අත්අඩංගුවට ගැනිීමට වරෙන්තු ද නිකුත් කර ඇත. එහෙයින්, පුටින් සංචාරය කරන්නේ ඔහුට හිතවත් රටවල්වලට පමණි. චීනය එවැනි රටකි. එමන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිත රටවල් 123 ට චීනය අයත් නොවෙයි.
(අල් ජසීරා)