රුසියන් ජනාධිපතිවරණය හෙට (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි.
71 හැවිරිදි පුටින්ට අභියෝග කිරීමට සමත් කිසිදු අපේක්ෂකයකු හෝ පක්ෂයක් හෝ නොමැති බැවින් ඔහු සහ ඔහුගේ ‘එක්සත් රුසියා’ දේශපාලනක පක්ෂයට පහසු විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව, ඒ අනුව, ව්ලැදිමීර් පුටින්ට තවත් වසර 6 ක් එනම්, 2030 තෙක් ධුරයේ රැඳී සිටිනු ඇත.
භූමි ප්‍රමාණයෙන් විශාලතම රට ලෙස සැලකෙන්නේ රුසියාවය. රුසියාව කාල කලාප කීපයකට ද අයත් වෙයි. ජනාධිපතිවරණය තෙදිනක් තිස්සේ පැවැත්වෙන්නේ එහෙයිනි. ලබන 17 වැනිදා ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වනු ඇති අතර රුසියන් මැතිවරණ කොමිසම ජයග්‍රාහකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත්තේ මැයි මාසයේය.
(ඒ.එෆ්.පී.)