රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ ඊට විරෝධය දැක්වූ රුසියන් මාධ්‍යවේදිනී මරීනා ඔමිසෙනිකෝවාට අට වසරක් සහ මාස 5 ක සිර දඬුවම් නියම වී තිබේ.
සිරදඬුවමට අමතරව, ඔමිසෙනිකෝවාට, වසර 7 ක් යනතුරු අන්තර් ජාලය ඇතුළු විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ කිසිදු කටයුත්තකට දායක විය නොහැකි බවට ද අධිකරණය තීන්දුවක් ලබා දී තිබේ.
45 හැවිරිදි ඔමිසෙනිකෝවා රුසියන් හමුදාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකාරිය වී සිටී. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදාය.