ලෝක පාපන්දු තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව අතරතුරදී රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක් අවශ්‍ය බව ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටීනෝ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ලෝක පාපන්දු තරඟාවලිය රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අවසන් කිරීම සඳහා අවස්ථාවක් කර ගත යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.
ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුවේ රාජ්‍ය නායකයන් සමග පැවති දිවා භෝජන සංග්‍රහයකදී ජියානි ඉන්ෆැන්ටීනෝ මෙම ඉල්ලීම සිදු කර ඇත.
කටාර් හි එළඹෙන ඉරිදා ආරම්භ වන ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සාමය සඳහා විශේෂ වේදිකාවක් සපයන බව ඉන්ෆැන්ටීනෝ එහිදී ප්‍රකාශ කර තිබේ.
පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන මාසයක කාලය තුළ තාවකාලික සටන් විරාමයක් ඇති කරගන්නා ලෙසත් එහිදී සාමය සඳහා පළමු පියවර තබන ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් ඉන්ෆැන්ටීනෝ ‘ජී20’ සමුළුවේ රාජ්‍ය නායකයන් හමුවේ පවසා ඇත.
(රොයිටර්)