රුසියන් යුක්රේන සිරකරු හුවමාරුවක්


රුසියානු-යුක්රේන ගැටුම ආරම්භ වී දින 27 ක් ගෙවෙන මොහොතේ රුසියාව සහ යුක්රේනය අතර ප්‍රථම යුද සිරකරුවන් හුවමාරුවක් සිදු කිරීමට දෙරටේ රජයන් එකඟතාවය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පළමු යුද සිරකරුවන් හුවමාරුවේදී යුක්රේන භාරයේ සිටින රුසියානු හමුදා සොල්දාදුවන් 9 දෙනකුගේ නිදහස වෙනුවෙන් රුසියානු හමුදා භාරයේ සිටින යුක්රේන මෙලිටොපොල් නගරයේ නගරාධිපති ඉවාන් ෆෙඩොරොව් නිදහස් කිරීමට රුසියානු රජය කැමැත්ත පළ කළ බවත්, සිරකරු හුවමාරුව මේ වන විටත් සිදුකර අවසන් බවත් රුසියන් ටුඩේ නලිකාවට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් රුසියානු මානව හිමිකම් කොමසාරිස් ටට්යනා මොස්කල්කෝවා පවසා ඇත.

(රොයිටර්)