රුසියන් රූබලයේ අගය වැටිලා


‘වැග්නර්’ කුලී හේවායන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රජයට අභියෝගයක් වෙමින්, රුසියන් නගර අල්ලා ගැනීමට තැත් කළ අවස්ථා​වේදී ලෝක බොර තෙල් වෙළෙඳපොළට ද බලපෑමක් කළේය.

අද (26) වෙද්දී බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එසේම රුසියානු මුදල් ඒකකය වන රූබලයේ අගයද අවප්‍රමාණ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ‘වැග්නර්’ කුලී හේවායින් කැරැල්ල හේතුවෙන් රුසියාවේ ස්ථායිතාවය සම්බන්ධයෙන් සැකයක් ඇති වීම මීට හේතුව බවය.