රුසියන් හමුදා කසක්ස්තානයට


එල්.පී. ගෑස් මිල ඉහළ යෑමත් සමඟ ආරම්භ වුණු රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමට, රුසියාවේ ප්‍රධානත්වයෙන් යුත් සාම සාධක බලඇණියක් කසක්ස්තානයේ ඇල්මැටි නගරය බලා පැමිණියේය.

රුසියාවේ ප්‍රධානත්වයෙන් යුත් සාම සාධක බලඇණියක් මෙසේ කසක්ස්තානය බලා පැමිණියේ කසක්ස්තාන ජනාධිපති කාසිම් ජොමාර්ට් ටොකයේව් කළ ඉල්ලීමකට අනුවය. කසක්ස්තාන ජනාධිපති ටොකයේව් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හිතවාදියෙකි.

එම සාම සාධක බලඇණිය  ‘සෙස්ටෝ’ ආරක්ෂක සන්ධානය නියෝජනය කරයි. ‘සෙස්ටෝ’ යනු රුසියාවේ ප්‍රධානත්වයෙන්, පැරැණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල් එකමුතු වී පිහිටුවා ගත් ආරක්ෂක සන්ධානයකි. බටහිර රටවල් මෙය හඳුන්වන්නේ ‘පුංචි නේටෝව’ යනුවෙනි.

(රොයිටර්)