රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වන දිනය තීරණය කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට අවුරුද්දකට පෙර එහි හවුල්කරුවන් දැනුවත් කළ යුතු අතර, ‘රුසියා-24’ රුපවාහිනී නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී රුසියන් අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘රොස්කොස්මොස්’ ප්‍රධානී දිමිත්‍රි රොගොසින් පවසා ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවය.
එම සම්මුඛ සාකච්ඡාවේදී රුසියානු බලධාරීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් ඉවත් වන දින වකවානු තීරණය කර අවසන් වූවත් ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කථා කළ නොහැකි යැයි ද පවසා තිබේ.
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිදු කරන මෙහෙයුම් පිළිබඳ තීරණය කරනු ලබන්නේ රුසියානු රජය සහ ජනාධිපතිවරයා බවත්, 2024 තෙක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙහෙයුම්වල නියැළීමට රොස්කොස්මොස් ආයතනයට අවසර ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ.
රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ඉතිරි කාලය තුළ තමන්ගේම අභ්‍යවකාශ නැවැතුම්පොළක් ආරම්භ කිරීමේ සැලැසුම් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බව ‘රොස්කොස්මොස්’ ප්‍රධානියා වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)