රුසියාව මැයි 27 වැනිදා කල් පිරුනු ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක බැඳුම්කර දෙකක් සඳහා ලබා දුන් සහන කාලය ඊයේ (27) අවසන් වීමත් සමඟ නිල වශයෙන් ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත්වෙන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.
රුසියාව යුක්රේන ආක්‍රමණය පෙබරවාරි 24 වැනිදා ආරම්භ කිරීමත් සමඟ බටහිර රාජ්‍යයන් සම්බාධක පැනවීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 40ක බැඳුම්කර සඳහා ගෙවීම් සිදු කිරීම අසීරු වී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
බැඳුම්කර සඳහා ගෙවීම් සිදු නොකර සිටීමට කිසිම හේතුවක් නැතැයි ක්‍රෙම්ලිනය පවසයි. බැඳුම්කර සඳහා ගෙවීම් සිදුකල නොහැක්කේ තමන්ට පනවා ඇති සම්බාධක හේතුවෙන් බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.
බටහිර රාජ්‍යයන් රුසියාව කෘතිමව ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත් කර ඇතැයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
සම්බාධක හේතුවෙන් ජාත්‍යන්තරයෙන් ණය ගැනීමට රුසියාවට හැකියාවක් නොමැති අතර එමනිසා නිල වශයෙන් ණය පැහැර හැරි රටක් බවට පත් වීමෙන් රුසියාවට බලපෑමක් එල්ල නොවන බව ව්ශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.
රුසියාව ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත් වූයේ ශත වර්ෂයකට පසුව බව විශ්ලේෂකයෝ පවසති.
(රොයිටර්)