රුසියාවත්, අසල්වැසි බෙලරූස් රාජ්‍යයත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. යුද අභ්‍යාසයට එක්වූයේ දෙරටේ ගුවන් හමුදාවය.
මෙම යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ යුක්රේනයට එරෙහිව රුසියාව සිදු කරන හමුදා ක්‍රියාමාර්ගය තවත් වැඩි කිරීමේ අරමුණින් යැයි යුද විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
රුසියාව, බෙලරූසය සහ යුක්රේනය එක ළඟ පිහිටි රටවල්ය. යුක්රේනය සහ බෙලරුසියාව ද අසල්වැසියන්ය. බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පවතින්නේ සමීප මිත්‍රත්වයකි.
(රොයිටර්)