යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාව, මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් චෝදනා කරයි.
ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙසේ කියා සිටියේ ජර්මනියේ මියුනිච් නුවර පැවැති ආරක්ෂක සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය.
රාජ්‍ය නායකයෝ රැසක් මෙම සමුළුවට සහභාගී වූ අතර, සමුළුවේ පුමුඛ අවධානය යොමු වූයේ යුක්රේන අර්බුදයටය.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය.
යුක්රේනය ආක්‍රමණයට පැමිණ සිටින රුසියන් හමුදා සිවිල් වැසියන් ඝාතනය කරක බවත්, යුක්රේන කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කරන බවටත් පැමිණිලි ලැබී ඇතැයි ඇමෙරිකන් උප ජනාධිපතිනිය ආරඛ්ෂක සමුළුවේදී පෙන්වා දුන්නාය.
(රොයිටර්)