රුසියාව සමඟ ආරවුලක් ඇතිවේවි හිතුවේ නෑ


නේටෝ සංවිධානයේ සාමාජික රටවල් 2014 වසරේ සිට යුද වියදම් සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය වැඩි කිරීමටත් නැගෙනහිර යුරෝපයේ යොදවා ඇති හමුදා සෙබළුන් සංඛ්‍යාව වැඩි කිරීමටත් හේතු වූයේ කෙදිනක හෝ රුසියාව සමග ආරවුලක් හට ගනීවි යැයි බලාපොරොත්තුවක් තිබූ නිසා බව නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් ප්‍රකාශ කළේය.

නේටෝ මහ සමුළුව අවසානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් මාධ්‍යවේදීන් අමතමින් මේ බව ප්‍රකාශ කළ අතර 2014 වසරේ සිට රුසියාව නැගෙනහිර ඩොන්බාස් පළාතේ වෙනත් පාර්ශ්ව මාර්ගයෙන් බලය යෙදවූ බවට චෝදනා කළේය.

"යථාර්තය නම් අපි රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයට ලෑස්ති වුනේ 2014 වසරෙ ඉඳන්,මේ දේ බලාපොරොත්තුවෙන් තමයි අපි අපේ යුද ශක්තිය 2014 වසරේ සිට වර්ධනය කර ගත්තේ"යැයි නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේය.

(රොයිටර්)