රුසියානු බැංකු, ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවමාරු සේවා පද්ධතියෙන් ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය එකගත්වය පළ කර තිබේ.
රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග බටහිර රටවල් රුසියාවට දුන් දරුණු අතුල් පහරත් ලෙස මෙය සැලකෙයි.
කෙසේ නමුත්, ස්විෆ්ට් මුදල් හුවමාරු සේවා පද්ධතියෙන් සියලු රුසියානු බැංකු ඉවත් නොවනු ඇති බව ද පැවැසෙයි. ඉදිරියේ දී තත්ත්වය තවත් උත්සන්න වුවහොත් සියලුම රුසියානු බැංකුවලට මෙම තහංචිය පැනැවෙනු ඇත.
මේ වනවිට රුසියානු රොකට් ප්‍රහාර තවදුරටත් කීව් අගනුවර වෙත එල්ලවන අතර, අගනුවරට ඔබ්බෙන් පිහිටි ඉන්ධන ගබඩාවක් ද ප්‍රහාරයට ලක් වී පුපුරා ගිනි ගනිමින් පවතින බව වාර්තා වේ. එම ප්‍රහාරය එල්ල වෙද්දී අවට යුක්රේන වැසියෝ ආරක්සාව පතා දුවන්න වුහ.
(රොයිටර්)