රුසියාවට එරෙහිව නියෝගයක්


 

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක‍්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය ඊයේ නියෝග කළේය.

රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූ වා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය මෙසේ රුසියාවට නියෝග කළේය.

විනිසුරුවරු 13 දෙනක් මෙම තීරණයට එකඟ වූ අතර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපති රුසියානු ජාතික කිරිල් ජිවෝර්ජියන් සහ චීන ජාතික විනිසුරුවරියක් වූ  සූ හැනකින් මෙම තීරණයට විරුද්ධ වූහ.පෙබරවාරි 27 වෙනි දින යුක්රේනය විසින් ගොනු කරන ලද නඩුවට අදාලව ජාත්‍යන්තර අධිකරණය විසින් මෙම තීන්දුව (16* ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 8.30 පමණ නෙදර්ලන්තයේ හේග් නුවර දී ප‍්‍රකාශයට පත් කළහ.

ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු පිළිපැදීමට රුසියාව බැඳී සිටියත්,මෙම අවස්ථාවේදී රුසියාව නඩු තීන්දුවට අවනත වේ දැයි තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේ මාධ්‍යවේදීහු ප‍්‍රශ්න කළහ.එසේම ජාත්‍යන්තර අධිකරණයට නියෝගය ක‍්‍රියාත්මක කිරීමට  රුසියාවට බල කළ හැකි ක‍්‍රමයක් නොමැති බවද ඔවූහු පෙන්වා දුන්හ.