යුක්රේනය ආක්‍රමණය කළ රුසියාවට, කිසිම දිනෙක යුදමය ජයග්‍රහණයක් නොලැබෙනු ඇති බවත්, රුසියන් යුක්රේන යුද්ධය වසර ගණනක් දිග් ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් හමුදාපති ජනරාල් මයික් මයිලි පවසයි.
‘රුසියනු යුක්රේන අර්බුදය යුදමය වශයෙන් ජයගන්න රුසියාවට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එසේ ජය ගන්න අප අවස්ථාවක් දෙන්නෙත් නැහැ. යුක්රේනය සමඟ බලවත් රටවල් රැසක් එක් වී සිටිනවා.’ යැයි හමුදාපතිවරයා මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.
‘රුසියාව මුලින්ම උත්සාහ ගත්තේ දේශපාලනික වශයෙන් යුක්රේනය යටත් කර ගන්නයි. ඒත් ව්ලොදිමීර් සෙලෙන්ස්කී ජනාධිපති ධුරයට පත්වීම එය අසීරු කළා. සෙලෙන්ස්කී බටහිර අපට හිතවත් නායකයෙක්. යුක්රේනය පාලනය කිරීම අසීරු වුණු නිසා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගත්තා. ඒත් එය සාර්ථක වෙන්නේ නැහැ. රුසියාව දීර්ඝ කාලීය යුද්ධයකට මැදිවී සිටිනවා’ යැයි ඇමෙරිකන් හමුදාපති ජනරාල් මයික් මයිලි මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පැහැදිලි කළේය.
(රොයිටර්)