රික්ටර් පරිමාණයේ ඒකක 7 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නැගෙනහිර රුසියාවේ, කම්චැට්කා අර්ධ ද්වීපය කැලැඹිණි.
භූමි කම්පාව හටගත්තේ අද (18) රුසියාවේ වේලාවෙන් උදෑසන 7 ට පමණි. ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන මාලාවක් ද හටගත්තේය.
කම්චැට්කා අර්ධ ද්වීපය ආශ්‍රිත නගරවලට භූමි කම්පාවෙන් හානි සිදුවිය. මරණ සහ තුවාල ලැබූවන් ගැන තවමත් වාර්තා වී නැත.
(එන්.ඩී.ටීවී.)