රුසියාව සහ යුක්රේනය අතරේ සිරකරු හුවමාරුවක් සිදුවිය. දෙරට අතරේ මෙසේ සිරකරු හුවමාරුවක් සිදුවූයේ 50 වැනි වරට යැයි විදෙස් මාධ්‍ය පවසයි.
සිරකරු හුවමාරුව යටතේ, දෙපාර්ශ්වයේ ම සිරකරුවන් 195 දෙනකු හුවමාරු වූ බව ද මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. සිරකරු හුවමාරුව සිදුවූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මැදිහත් වීමෙනි.