රුසියාවෙන් ඉන්ධන මිලදී ගන්න මියන්මාරය සූදානම්


රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට මියන්මාර හමුදා පාලනය තීරණය කර තිබේ. මියන්මාරය සහ රුසියාව අතරේ යහපත් සබඳතා පවතින අතර, එම සබඳතා ශක්තිමත් කිරීමට මෙය හොඳ අවස්ථාවක් බව මියන්මාර රජය පැහැදිලි කර තිබේ.

සැපයුම්වල පවතින ගැටලුකාරී තත්ත්වය සහ මිල ගණන් අඩු කරගැනීමේ අරමුණින් මියන්මාර රජය මෙම තීරණය ගෙන ඇතැයි ද පැවැසෙයි.

යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන් රුසියාවට එරෙහිව බටහිර රටවල් සම්බාධක පැනැවීම් කර තිබේ.

මේ නිසා රුසියාවට, තෙල් අපනයනය සඳහා වෙනත් මිත්‍රශීලී රටවල් අවශ්‍ය වෙයි. ඉන්දියාව සහ චීනය මේ වනවිටත් වැඩි වැඩියෙන් රුසියාවෙන් තෙල් මිලදී ගනී.

(රොයිටර්)