රුසියාවේ කොන්දේසියකට යුක්රේනය එකඟයි


යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව විසින් යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි හයෙන් ප්‍රධාන කොන්දේසියක් වූ යුක්රේනය කිසිම සංවිධානයකට හෝ රාජ්‍යයකට පක්ෂ පාති නොවූ ස්වාධීන රාජ්‍යයක් විය යුතුයි යන කොන්දේසිය සලකා බැලීමට සුදානම් බව රුසියානු නිදහස් පුවත් සේවයකට විනාඩි 90 ක සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ.

රුසියාව සමග යුද්ධය සඳහා නතර කිරීම සඳහා යුක්රේනය අපක්ෂපාති රාජ්‍යයක් වීමට ලෙස තම රාජ්‍ය  ස්ථාවරය වෙනස් කිරීමට සුදානම් වුවත් එය යුක්රේනය තුළ ජනමත විචාරණයකින් අනුමත විය යුතු යැයි ජනාධිපති සෙලෙන්ස්කි පැහැදිලි කර ඇත.

රුසියානු රජය විසින් එම සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය කිරීම තහනම් කෙරූ නමුත් ජනාධිපති සෙලෙන්ස්කි ගේ නිල ටෙලිග්‍රෑම් ගිණුමේ සම්මුඛ සාකච්ඡාව පිළිබඳ වීඩියෝවක් පළ කර තිබුණි.1991 යුක්රේනය නිදහස ලැබීමත් සමග අපක්ෂපාති රාජ්‍යයක් ලෙස තම ස්ථාවරය ප්‍රසිද්ධියට පත් කළත් 2014 රුසියාව ක්‍රයිමියා අර්ධද්වීපය අල්ලා ගැනීමත් සමග යුක්රේන පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන්  නේටෝ සංවිධානයේ සහ යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අරමුණින් ව්‍යවස්ථාව සංශෝධනය කළ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ නමුත් එහිදී යුක්රේනයේ ආරක්ෂාව තුන්වෙනි පාර්ශවයන් මගින් තහවුරු කළ යුතු බව ජනාධිපති සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසා ඇත.

(රොයිටර්)