රුසියාවේ දෛනික 'කොවිඩ් 19' මරණ 1,000 සීමාව පසු කළේය. රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ 1,002 ක් 'කොවිඩ් 19' වයිරසයට බිලිවුණු බවය. මේ වනවිට රුසියාවේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 33,208 තෙක් ඉහළ ගියේය.
රුසියානුවන්ට ලබා දෙන්නේ එරට නිෂ්පාදනය කෙරෙන 'ස්පුට්නික් 5' එන්නතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය 'ස්පුට්නික් 5' එන්නතට මෙතෙක් හමුවී නැති නමුත්, එන්නත ලොව රටවල් 45 ක භාවිතයට ගැනෙයි.
රුසියන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට තවමත් එරට ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයකට ලක් වී ඇත්තේ සියයට 31 ක පිරිසක් පමණි. රුසියාවේ ඇතැම් පළාත් සහ නගරවල 'කොවිඩ් 19' සම්බන්ධයෙන් තහංචි පැනැවීම් හෝ සංචරණ සීමා පැනැවීම් හෝ සිදු වන්නේ ද නැත. මේ හේතුව නිසා 'කොවිඩ් 19' වව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර, පසුගිය දා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වීඩියෝ හමුවක් මගින් ඇමැති මණ්ඩලය අමතද්දී, කහින්න විය. පුටින් කියා සිටියේ තමන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවත් දිනපතාම පාහේ කොරෝනා පරීක්ෂණවලට තමන් යොමු වන බවත්ය. රුසියන් ජනාධිපතිවරයා ද ලබා ගෙන ඇත්තේ 'ස්පුට්නික් 5' එන්නතය.
(රොයිටර්)