රුසියාවේ පතල් අනතුරින් මියගිය ගණන 50 ක්


ගෑස් කාන්දුවක් හේතුවෙන් සයිබීරියාවේ ගල් අගුරු පතලක සිදුවුණු අනතුරින් මියගිය ගණන 50 ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. මියගිය 50 දෙනා අතර සහන සේවකයන් හය දෙනකු ද සිටින බව පැවැසෙයි.

සහන සේවකයන් පතල තුළට ගියේ ගෑස් කාන්දුව හේතුවෙන් විපතට පත්වුණු පතල් සේවකයන් මුදා ගැනීමටය. කෙසේ නමුත් ගෑස් කාන්දුව අපේක්ෂා කළ ආකාරයට වඩා දරුණු එකක් වූ බැවින්, සහන සේවකයන් පතල තුළ සිරවීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් වුණු බවත් මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.

අනතුර සිදුවුණු මෙම පතල පිහිටා ඇත්තේ සයිබීරියාවේ 'කෙමෙරෝවේ' පළාතේය. මෙම පළාත ගල් අගුරු පතල් සඳහා ප්‍රසිද්ධය. සෝවියට් යුගයෙන් පසු සිදුවුණු දරුණුතම පතල් අනතුර මෙය යැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)