රුසියානු රත්‍රන් ආනයනය කිරීම තහනම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමගින් රුසියාව යුක්රේනය සමඟ යුද වැදීමට අවශ්‍ය මුදල් එක්රැස් කිරීම දුර්වල කළ හැකි බව රාජ්‍ය නායකයෝ පවසති.
රුසියාව 2021 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 15.4 ක රත්‍රන් අපනයනය කර ඇතැයි පැවැසෙයි.ජර්මනියේ පැවැත්වෙන ජී7 සමුළුවේදී රුසියානු රත්‍රන් ආනයනය කිරීම තහනම් කිරීමට යෝජනා වී ඇත.
රුසියානු රත්‍රන් ආනයනය කිරීම තහනම් කිරීමේ තීරණය හෙට (28) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අනෙක් ජී7 සාමාජිකයන් වන ප්‍රංශය,ඉතාලිය සහ ජර්මනියටද රුසියානු රත්‍රන් ආනයනය කිරීම තහනම් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යෝජනා කර ඇත.
(රොයිටර්)