රුසියාවේ වේල්ලක් පුපුරලා


රුසියාවේ, කසක්ස්තානය අසල දේශසිමාවට නුදුරින්, ඔරෙන්බර්ග් පළාතේ වේල්ලක් පුපුරා කැඩී යෑමෙන් ඒ අවට නගර ජලයෙන් යටවිය.

රුසියවන් සහන සේවකයන් වහා ක්‍රියාත්මක වූ අතර, 4,402 ක් බේරා ගන්නා ලදී. ඔවුන්ගෙන් 1,000 කුඩා දරුවන් බව පැවැසෙයි.

වේල්ල කැඩී යෑමෙන් සම්පුර්ණයෙන් යටවී ගියේ ඔර්ස් නමැති නගරයයි. නිවාස 6,000 කට හානි සිදුවිය.

වේල්ල කැඩී ගියේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් වේල්ල ජලයෙන් පිරී යෑම නිසාය.

(එන්.ඩී.ටීවී.)