රූපලාවණ්‍ය නිෂ්පාදන කටයුතු අත්හදා බලන්න සතුන් ගන්නේ නෑ


රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට සතුන් යොදා ගැනීම තහනම් කිරීමට තීරණය කළ බව කැනඩා රජය පවසයි.

කැනඩා රජය ගත් මෙම තීරණය, සතුන් සුරැකීමේ සංවිධානවල පැසැසුමට ලක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට, කැනඩාව පමණක් නොව, ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ද සතුන් යොදා ගනිමින් රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීම තහනම් කර තිබේ. ඊට අමතරව, ලෝකයේ රටවල් 44 ක් රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට සතුන් යොදා ගැනීම නවත්වා ඇතැයි ද වාර්තා වේ.

රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට සතුන් යොදා ගැනීම තහනම් කළ ඇමෙරිකානු ජනපද වන්නේ නිව්යෝක්, වර්ජීනියා, කැලිෆෝනියා, ලුවිසියානා, නිව්ජර්සි, මේන්, හවායි, නෙවාඩා, ඉලිනෝයි සහ මේරිලන්ඞ්ය.