මද අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ පැවැති දේව මෙහෙයකට සහභාගී නොවීමට තීරණය කළේ යැයි වතිකානය අද (27) ප්‍රකාශ කළේය.
ෆ්‍රැන්සිස් පාප්තුමන් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පසු වූ නිසා එසේ එම තීරණය ගත්තා යැයි ද වතිකානය සඳහන් කළාය.
‘‘පොඩි අසනීප තත්ත්වයක් නිසා උන්වහන්සේ ශාන්ත මාර්තා නිවෙස්නයේ රැඳී සිටීමට තිරණය කළා’’ යැයි වතිකානයේ ප්‍රධාන මාධ්‍ය නිලධාරී මැටියෝ බෲනී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
83 හැවිරිදි පාප්තුමෝ ජීවත්වන්නේ වතිකානයේ ශාන්ත මාර්තා නිවෙස්නයේ ය.
රෝමයේ ශාන් ජෝන් ලැටේරන් බැසිලිකාවේදී එම දේව මෙහෙය පැවැත්විණි. එය රෝමයේ විශාලතම දේවස්ථානවලින් එකකි.
පාප්තුමා ඉදිරි කාලසටහන වෙනස් නොවන බව ද මැටියෝ බෲනී කීවේය.
එම නිවේදනය පැමිණියේ ඉතාලිය කොරෝනා වයිරසයෙන් බැටකමින් සිටින මොහොතකය. කොරෝනා වයිරසය නිසා වැඩිම බලපෑමකට ලක්වූ යුරෝපීය රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 400 කට වැඩි පිරිසක් හමුවී ඇත.
පාප්තුමාට ඇති අසනීප තත්ත්වය සම්බන්ධයෙන් ද කිසිවක් සඳහන් නොකළ වතිකානය පාප්තුමා සාමාන්‍යයෙන් කරන කිසිවක් නවත්වා නැතැයි ද කීය. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ නිරන්තරයෙන් ජනතාව අතරට යමින් ඔවුන් අත් අල්ලමින් ඔවුන්ට ආශීර්වාද කරති.
ඒ.එෆ්.පී.
055