කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ පවුල්වලට, ඉන්දීය රුපියල් ලක්ෂ හතරක වන්දියක් ලබාදිය නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇතැයි විදෙස් පුවත් වාර්තා සදහන් කරයි.
කොරෝනා වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 4 ක වන්දි මුදලක් ලබා දීමට මධ්‍යම රජය පියවර ගත යුතු යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පසුගිය ජූනි 11 වැනිදාය.
මධ්‍යම රජය ඊට ප්‍රතිචාර දක්වමින් එය කළ නොහැකි බව දන්වා ඇත. එවැනි වන්දි ලබාදීමක් සිදු කෙරෙන්නේ ස්වභාවික ආපදා තත්වයකදී පමණක් යැයි ද ඉන්දීය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කර තිබේ.
කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයින්ගේ පවුල්වලට එලෙස වන්දි ලබාදීමක් සිදු කළහොත් එය වෙනත් රෝගී තත්වයන්ගෙන් මියයන අයට සිදුකරන අසාධාරණයක් බව ද මධ්‍යම රජයේ සිය ස්ථාවරය පැහැලි කරමින් පවසා ඇත.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)