කඩුවකින් කළ පහරදීම් හේතුවෙන් නැගෙනහිර ලන්ඩන් නුවර හදිසි තත්ත්වයක් හටගත්තේය. පොලිසිය පැවැසුවේ කඩු ප්‍රහාරයෙන් කීප දෙනකු තුවාල ලැබූ බවය. පොලිස් නිලධාරීන් තිදෙනකු ද ඒ අතර සිටින බව පැවැසෙයි.
කඩු ප්‍රහාරය එල්ල කරමින් කලහ කරන්න වූ තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගැනුණු බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. කඩු ප්‍රහාරය එල්ල වූයේ හයිනෝල්ට් දුම්රිය ස්ථානයේය. දුම්රිය ස්ථානය ද තාවකාලිකව වසා දැමුණි.
(බීබීසී)