තමන්ට නඩු පැවරීමෙන් වැළකී සිටීමට, ජනාධිපති මුක්තිය තමන්ට නොමැති යැයි ඇමෙරිකන් පහළ අධිකරණයක් ලබා දී ඇති තීන්දුව අත්හිටුවන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
2020 වසරේ පැවැති ජනපතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් ආධාරකරුවන් උසි ගැන්වූ බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇත. ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, ඇමෙරිකන් අධිකරණයක් තීන්දු කළේ එම නඩු විභාගයට අදාලවය.
මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ද ට්‍රම්ප් ඉදිරිපත් වීමට සූදානමින් සිටී. තමන්ට මුක්තිය නැතැයි අධිකරණය තීන්දු කළේ තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීම අරමුණින් යැයි ට්‍රම්ප් නීතීඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)