වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. වායු දූෂණය දරුණු වී ඇත්තේ ලාහෝර් නුවර යැයි ද පැවැසෙයි.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි මස අවසන් වන තුරු ඇතැම් පාසල් වසා දැමෙනු ඇති බවත්, විවෘතව පවතින පාසල්වල දරු දැරියන්ට එළිමහනේ ක්‍රියාකාරකම් තහනම් බවත් පැවැසෙයි.
මේ වනවිට වායු තත්ත්ව දර්ශකය අනුව, වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ද ලාහෝර් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)