ලියෑම් පේන් දිවියෙන් සමුගනී


බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, 'වන් ඩිරෙක්ෂන්' One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික පොප් ගායක ලියෑම් පේන් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 31 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලියෑම් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයේ, හෝටලයක තෙවැනි මහලින් වැටී මියගිය බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පැවැත්වෙයි.

ලියෑම්, පොප් සංගීත ලෝලීන්ගේ ආදරය දිනා ගත්තේ 2010 එක්ස් ෆැක්ටර් රියැලටි වැඩසටහන හරහාය.

'වන් ඩිරෙක්ෂන්' සංගීත කණ්ඩායම බිහිවූයේ ලියෑම් පේන්, හැරී ස්ටයිල්ස්, ලුවී ටොම්ලින්සන්, නියල් හොරන් සහ සයින් මලික්ගේ එකමුතුවෙනි.