ලියෑම් පේන්ගේ සිරුරේ රෝස කොකේන්


ලොව පුරා තරුණියන්ගේ ආදරය දිනූ වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ලියෑම් පේන්ගේ මරණයට හේතුව රෝස කොකේන් නමැති මත්ද්‍රව්‍යය ශරීර ගතවී තිබීම යැයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

ලියෑම් පේන් පසුගිය 16 වැනිදා මියගියේ, ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර හෝටලයක තෙවැනි මහලින් ඇද වැටීමෙනි.

ලියෑම් පේන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු යැයි කීමට ප්‍රමාණවත් සාක්ෂි හෝටල කාමරයෙන් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇතැයි ද පැවැසෙයි.