යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වූ මර්සි නදියට මුහුණලා පිහිටි එංගලන්තයේ ලිවර්පූර් නගරය එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබේ. යුනෙස්කෝ සංවිධානය මෙසේ තීරණය කළේ ඡන්ද විමසුමකින් ද පසුවය.
ඓතිහාසික වටිනාකමකින් යුත් සංචාරක ආරක්ශණයක් ලෙස ද සැලකෙන මෙම නගරය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීම සිදුවූයේ නගරය වෙනස් කරමින්, එහි පාපන්දු ක්‍රීඩාංගනයක් ඇතුළු තවත් ඉදිකිරීම් රැසක් කිරීමට බලධාරීන් බලාපොරොත්තු වන බැවිනි.
(රොයිටර්)