නැගෙනහිර යුක්රේනයේ ‘ඩොන්බාස්’ පළාතේ ලුහාන්ස්ක් නගරය ද අයත් ලුහාන්ස්ක් පළාතේ සියයට 80 ක් රුසියාව විසින් නතු කරගෙන ඇතැයි රුසියන් හිතවාදී ලුහාන්ස්ක් ආණ්ඩුකාර සර්හි හෙයිදායි පවසා තිබේ.
‘ඩොන්බාස්’ පළාතේ ප්‍රධාන නගර දෙක වන්නේ ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක්ය. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් යුක්රේනයෙන් වෙන්වී වෙනම පාලනයක් ඉල්ලයි. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් වෙනම රාජ්‍ය ලෙස පිළිගැනීමට රුසියාව කැමැත්ත පළ කර තිබේ. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් නගර මෙන්ම පළාත්වල ද සිටින්නේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ය.
රුසියාව පවසා ඇති අන්දමට, රුසියාවේ එක් ප්‍රධාන අරමුණක් වී ඇත්තේ ඩොන්බාස් පළාතේ පාලනය රුසියන් හිතවාදී බෙදුම්වාදීන පැවැරීමය. පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියානු ආක්‍රමණය ආරම්භ වීමට පෙර ලුහාන්ස්ක් පළාතේ සියයට 60 ක ප්‍රදේශයක් යුක්රේන හමුදා පාලනය කළේය. ආක්‍රමණයෙන් පසු යුක්රේන හමුදා පසුබැසීමකට ලක් වී ඇත.
ආණ්ඩුකාර සර්හි හෙයිදායි පැවසුවේ රුසියානුවන් මේ සතියේ නැගෙනහිර සහ දකුණු යුක්රේනයේ ඔවුන්ගේ ප්‍රහාරය අලුත් කළ අතර ලුහාන්ස්ක් පළාතේ ප්‍රහාර ශක්තිමත් කර ඇති බවය. මේ අතර, යුක්රේනය එරට සිටින රුසියානුවන් සහ රුසියන් හිතවාදීන් 500,000 රුසියාවට යැවීමට පියවර ගෙන ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)