ඊශ්‍රායලය මේ වනවිට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ අවි ගැටුම්වලට යොමු වී සිටින අතර, ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත්තේ ලෙබනනය සමඟ මහා පරිමාණයේ යුද්ධයකට පැටලීමට ද තමන් පසුබට නොවන බවය.
ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයකට පැටලී, ලෙබනනය තවත් 'ගාසා තීරයක්' බවට පත් වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පැහැදිලි කර ඇත.
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ යුද ගැටුම් පවතින්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන්නේ හිස්බුල්ලා සටන්කාමීන් වන බැවිනි.
(අල් ජසීරා)