ඊශ්රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතරේ මේ වනවිට සටන් විරාසයක් නිර්මාණය වී ඇත. ඒ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.
ඊශ්රායල ප්රහාර හමුවේ ආරක්සාව පතා තම ගම්බිම් හැර ගිය ලෙබනන් වැසියන් යළි ඔවුන්ගේ ගම්බිම් බලා පැමිණෙමින් සිටින බව මේ වනවිට වාර්තා වේ.
එසේ වුවත් ඊශ්රායලය ලෙබනන් ගම්මාන 60 ක වැසියන්ට අනතුරු අගවමින් පවසා ඇත්තේ, එම ගම්මානවලට ආපසු යෑමෙන් වළකින ලෙසය. ඊට හේතුව, එම ගම්මාන පිහිටා ඇත්තේ හිස්බුල්ලා සාමාජිකයන්ට අයත් ප්රදේශවල වීම නිසාය.
තමන් එම ගම්මානවලට ආපසු යෑම ඉතා අනතුරුදායක බවත්, එසේ යෑමෙන් වැළකී සිටින ලෙසත් ඊශ්රායල රජය ලෙබනන් වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇත.