ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා


ලොව විශාලතම ‘මිරිදිය මත්ස්‍යයා’ ලෙස සැලකෙන මීටර් 4 ක් දිග, කිලෝ ග්‍රෑම් 300 ක් බර මඩුයකු මීකොං ගංගාවෙන් හමුවී තිබේ.

මෙම මඩුවා හමුවී ඇත්තේ කාම්බෝජයේ ගැමියන් පිරිසකටය. මඩුවන් අයත් වන්නේ මත්ස්‍ය විශේෂ අතරට වන අතර, ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයන්​ ලෙස මෙම මඩුවන් සැලකෙයි.

මිකොං ගංගාවෙන් හමුවුණු මෙම යෝධ මඩුවා අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන්ට ද අවස්ථාවක් ලැබුණු අතර, සත්වයාගේ සිරුරේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් සවි කර ඌ ආපසු ගංගාවට මුදා හැරීම  සිදුවිය.

ඉලෙක්ට්‍රොනික උපාංගය හරහා මඩුවාගේ ජීවන රටාව ගැන අවබෝධයක් ලබා ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණ වී තිබේ. හමුවුණු මෙම යෝධ මඩුවා ගැහැනු සත්වයකු බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)