ලොව ළාබාලතම අගමැතිනිය පරදී


ෆින්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය සන්නා මරීන් ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බලය අහිමි විය. මැතිවරණය ජයගත්තේ විපක්ෂ නායක පෙටි්‍රයෝ ඕර්පෝගේ ජාතික සන්ධානයයි.

මැතිවරණය ඉතාමත් තියුණු ස්වරූපයක් ගත්තේය. අගමැතිනී සන්නා මරින්ට, පෙටි්‍රයෝ ඕර්පෝගේ ජාතික සන්ධානයෙන් පමණක් නොව, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම වන ‘ෆින්ස්’ පක්ෂයෙන් ද අභියෝගයක් එල්ල විය. ‘ෆින්ස්’ පක්ෂයට නායකත්වය දෙන්නේ රික්කා පූරාය. එය තුන්කොන් සටනක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

34 හැවිරිදි සන්නා මරීන්, ෆින්ලන්තයේ පමණක් නොව, ලෝකයේ ද ළාබාලතම අග්‍රාමාත්‍යවරිය වූවායෙ. මරීන්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 දෙසැම්බරයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගනිමිනි.  

(රොයිටර්)