ලොස් ඇන්ජලීස් ළැව්ගිනි: නිවාස දහස් ගණනක් වනසයි


ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනි ඊයේ (8) වනවිට තවත් දරුණු විය. අලුත් ළැව් ගිනි කීපයක් හටගත් බවත්, එම ළැව් ගිනි ලොස් ඇන්ජලීස් අයත් කැලිෆෝනියා ජනපදයේ පළාත් 4 කට ව්‍යාප්ත වී ඇති බවත් පැවැසෙයි.

ළැව් ගිනිවලට කොටුවුණු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණැයි ද වාර්තා වේ. ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් නළු නිළියන් බොහෝ දෙනකුට ඔවුන්ගේ නිවස අහිමි වී ඇත.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, ළැව් ගිනි හේතුවෙන්, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු ලොස් ඇන්ජලීස් වැසියන් ගණන 37,000 කි.

ළැව් ගිනි හේතුවෙන්, ලොස් ඇන්ජලීස් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ගිනි නිවන භට කණ්ඩායම් රැසක් ළැව් ගිනි පාලනය කිරීමට යොදවා ඇති අතර, ජලය නොමැති වීම නිසා ළැව් ගිනි පාලනය අසීරු බව ගිනි නිවන භටයෝ පවසති.

(ඒ.එෆ්.පී.)