ලෝක බැංකුවෙන් තුර්කියට ආධාර


මේ වනවිට විදෙස් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍ය කණ්ඩායම් භූමි කම්පාවෙන් හානියට පත්වුණු තුර්කි නගරවල මෙහෙයුම් ආරම්භ කර තිබේ. ලෝක බැංකුව නිවේදනය කළේ තුර්කියට ඇමෙරිකන් ඩොලර් බිලියන 7.8 ක මුදලක් ලබා දෙන බවය.

තුර්කියේ අසල්වැසියා සිරියාවය. සිවිල් යුද ගැටුම් හේතුවෙන් සිරියාවේ බෙදීම් පවතී. භූමි කම්පාවෙන් හානි සිදුවූයේ බටහිර රටවල් විසින් පිළිගනු ලැබූ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට සහාය දක්වන සන්නද්ධ සාමාජිකයන්ගේ පාලනයේ පවතින පළාත්වලටය. සිරියාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් භූමි කම්පාවලින් විපතට පත්වූවන්ට ආධාර ලබා දීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහාය.

භූමි කම්පාවලින් විපතට පත්වුණු තුර්කි සහ සිරියානු වැසියන්ට අන්‍ශ්‍ය පහසුකම් ලබා දීමට මෙම මොහොතේ ලෝකවාසීන් සියලු දෙනා එකමුතු විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ඉල්ලීමක් කර ඇත.

(රොයිටර්)