වකුගඩු ගල් හේතුවෙන් මාස 6 ක කාලයක සිට පීඩා විඳි හයිද්‍රාබාද් නගරයේ පදිංචි 56 හැවිරිදි වීරමල්ල රාමලක්ෂ්මයියා මහතාට සහනයක් ලබා දීමට අවෙයාර් ග්ලෙනීග්ලස් ග්ලෝබල් රෝහලේ වෛද්‍යවරු සමත් වූහ.
ප්‍රදේශයේ වෛද්‍යවරු සිදුකල ප්‍රතිකාර හේතුවෙන් විඳින වේදනාවෙන් තාවකාලික සහනයක් ලැබුනත් ස්ථිර ප්‍රතිකාරයක් ලබා දීමට ඔවුන් සමත් නොවූ බව රාමලක්ෂ්මයියා මහතා පැවසුවේය.
අවෙයාර් ග්ලෙනීග්ලස් ග්ලෝබල් රෝහලේ වෛද්‍යවරු ශල්‍ය කර්මයක් මගින් රාමලක්ෂ්මයියා මහතාගේ වකුගඩුවල තිබූ ගල් 206 ක් ඉවත් කිරීමට සමත් වුවේය.
ශල්‍යකර්මය අවසන් කිරීම සඳහා වෛද්‍යවරුන් හට පැයක කාලයක් ගත වී ඇත.වෛද්‍යවරු පැවසුවේ ඉහළ උෂ්ණත්වයේදී ඇතිවන විජලන තත්ත්වය හේතුවෙන් වකුගඩු වල ගල් ඇති විය හැකි බවය.
සාර්ථක ශල්‍ය කර්මයෙන් පසු රාමලක්ෂ්මයියා මහතා පසු දින තම නිවස බලා පිටත්ව ගිය බව අවෙයාර් ග්ලෙනීග්ලස් ග්ලෝබල් රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
(එන්.ඩී.ටීවී.)