දිනකට වතුර වීදුරු 8 ක්, එසේත් නැතිනම් ලීටර් දෙකක් පානය කිරීමට අවශ්‍ය බවත්, එසේ ජලය පානය කිරීමෙන් විජලනයෙන් වැළැකී නිරෝගීව සිටීමට හැකි බවත් වෛද්‍ය මතයයි.
කෙසේ නමුත් දැන්, ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දිනකට ලීටර් දෙකක් ජලය පාලන කිරීම අවශ්‍ය නොවන බවත් ලීටර් 1.5 ක් හෝ 1.8 ක් පමණක් ප්‍රමාණවත් බවත්ය.
විද්‍යාඥයන් මේ බව පෙන්වා දී ඇත්තේ රටවල් 23 ක පුද්ගලයන් 5,604 දෙනකු යොදා ගනිමින් කළ පර්යේෂණයකින් අනතුරුවය.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර, 'සයන්ස්' විද්‍යා සඟරාවේ පළ කර තිබේ.
(එන්.ඩී.ටීවී.)