‘කොවිඩ් 19’ වයිරසය මෙන් නොව, ‘වඳුරු උණ’ (වඳුරු පැපොල) හෙවත් මන්කිපොක්ස් වයිරසය පාලනය කිරීමත්, සහමුලින් තුරන් කර දැමීමත් පහසු බව ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකින් වඳුරු උණ ආසාදිතයන් වාර්තා වේ. ධවල මන්දිරයේ උපදෙස් පරිදි, වඳුරු උණ වයිරසය ආසාදනය වළක්වා ගැනීමට ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදා දීම ද සිදුවෙමින් පවතී. වඳුරු උණ අයත් වන්නේ වසූරිය, පැපොල අයත් වයිරස කාණ්ඩයටය.
එහෙයින්, වසූරිය සඳහා නිපදවා ඇති එන්නත් ‘වඳුරු උණ’ ආසාදනය වළක්වා ගැනීමට භාවිතය ගැනෙයි. ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් පවසන ආකාරයට වඳුරැ උණ වයිරසය සියයට 95 ක් ව්‍යාප්තිය සිදුවන්නේ සමලිංගික ඇසුරිනි.
ඊයේ (24) වනවිට රටවල් 75 කින් වඳුරු උණ ආසාදිතයන් හමුවී තිබේ. සමස්ත ආසාදිතයන් ගණන 17,000 කි. වඳුරු උණ හේතුවෙන් මරණ වාර්තා වන්නේ අප්‍රිකා රටවලින් පමණි. වාර්තා වන මරණ ගණන 5 කි.
මේ වනවිට අසාමාන්‍ය ලෙස ලොව පුරා ව්‍යාප්ත වුවත්, වඳුරු උණ අප්‍රිකා රටවලට ආවේණික වයිරසයකි. වඳුරු උණ ගෝලීය ‘හදිසි තත්ත්වයක්’ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබේ.
(රොයිටර්)