‘වඳුරු උණ’ (වඳුරු පැපොල) වයිරසය ජර්මනිය තුල ව්‍යාප්ත වුවහොත් එයට මුහුණ දීම සඳහා ‘බවැරියන් නොර්ඩික්’ නමැති ඖෂධ සමාගම නිපදවන ‘ඉම්වැනෙක්ස්’ එන්නතේ මාත්‍රා40,000 ක් ඇණවුම් කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
‘ඉම්වැනෙක්ස්’ එන්නත වසූරිය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. ‘වඳුරු උණ’, වසූරිය සහ පැපොල වයිරසයට අයත් වයිරසයකි. මේ අතර, ‘වඳුරු උණ’ වැළඳුනහොත් දින 21 ක කාලයක් නිරෝධායනය වීම සුදුසු යැයි ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය කාර්ල් ලොටර්බැක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.
මේ දක්වා ජර්මනියෙන් වඳුරු උණ රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇතැයි ද පැවැසෙයි. රෝගීන් සියල්ලම පිරිමි පුද්ගලයන් වේ. වඳුරු උණ සමලිංගිකයන් අතරේ පැතිර යන වයිරසයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
(රොයිටර්)