වඳුරු උණට එන්නත් වැඩසටහන් ඕනෑ නෑ


'කොවිඩ් 19' වසංගතයේ දී කළාක් මෙන් නොව, මේ වනවිට ලෝකයේ රටවල් රැසන ව්‍යාප්ත වන 'වඳුරු උණ' හෙවත් වඳුරු පැපොල වයිරසය සඳහා මහා පරිමාණයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අවශ්‍ය නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

'වඳුරු උණ' යනු සරම්ප සහ වසූරිය අතර මැද එම පවුලට අයත් වයිරසයකි. පැපොල වයිරසයට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් 'වඳුරු උණ'  සඳහා ද යෝග්‍ය වන අතර ඇතැම් රටවල් එම එන්නත් ඇණවුම් කර ඇති බව ද පැවැසෙයි.

කෙසේ නමුක් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ 'වඳුරු උණ' සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගැනීම පවා අවශ්‍ය නොවන බවය. තවමත් කිසිදු රටකින් 'වඳුරු උණ' මරණයක් වාර්තා වී නැත.

මෙහි ආරම්භය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවය. 'වඳුරු උණ' වඳුරන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ පැතිර යන වයිරසයකි.

(රොයිටර්)